Wednesday, November 28, 2012

තරුණ ප්‍රතිපත්තියක්‌ නැති එකම රට ශ්‍රී ලංකාවයි තරුණ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කටයුතු අරඹමින් ඇමැති ඩලස්‌ අලහප්පෙරුම කියයි

තරුණ ප්‍රතිපත්තියක්‌ නැති එකම රට ශ්‍රී ලංකාවයි
තරුණ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කටයුතු අරඹමින් ඇමැති ඩලස්‌ අලහප්පෙරුම කියයි 






දකුණු ආසියාවේ තරුණ ප්‍රතිපත්තියක්‌ නැති එකම රට ශ්‍රී ලංකාව යෑයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා ඊයේ (27 වැනිදා) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ ගැන ඉතිහාසයේ වගකිව යුත්තන්ට ඇ`ගිල්ල දික්‌ කරලා කාලය නාස්‌ති කරන්න තමන් සූදානම් නැති බවත් විවෘත විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික හා විශේෂඥ සහයෙන් ජාතික තරුණ සේවා සභාව වැනි අදාළ ආයතන වල සංවිධානකත්වයෙන් අප ඉතා කඩිනමින් ජාතික තරුණ ප්‍රතිපත්තිය සකසා නිම කරන බවත් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

මේ ඉතා වැදගත් ජාතික ක්‍රියාවලිය දෙස දේශපාලන කෝණයෙන් බලන්න එපා කියලා මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. පක්‍ෂ, පාටවලින් තොරව සාමුහික ප්‍රජාවක්‌ ලෙස එක්‌ වී ජාතික තරුණ ප්‍රතිපත්තිය සැකසීමට එක්‌වන ලෙස ද ඉල්ලා සිටිනවා යෑයි අමාත්‍යවරයා පැවසීය.

නොවැම්බර් 28 වන දින (අද දින) සිට මේ රටට අවශ්‍ය තරුණ ප්‍රතිපත්තිය සදහා සිවිල් සමාජයේ අදහස්‌ සහ යෝජනා විමසීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙසැම්බර් මාසය තුළ ලැබෙන දත්ත එකතු කර එකී දත්ත විශ්ලේශනය කර මුලික ලියවිල්ල ලබන වස රේ මාර්තු වන විට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බවත්a අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනතාවගේ අවසන් එකගතාවය ලැබීමෙන් පසු ලබන වසරේ මැයි මාසය වන විට ජාතික තරුණ ප්‍රතිපත්තිය රට හමුවේ තබන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාව ස`දහා යොජිත තරුණ ප්‍රතිපත්තියක්‌ සම්පාදනය කිරීමේ මුලික කටයුතු අරභමින් සහ එම ක්‍රියා දාමය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වූ ඇමැතිවරයාá

ගෙවුණු කාලය තුළ අප තරුණ නැගිටීම් 3 කට මුහුණ දුන්නා. මේ සෑම ව්‍යසනයක්‌ම අවසානයේ එම රජයන් කමිටු පත් කළා. ඊට හේතු සොයන්න, කෙතරම් කමිටු පත්කරාද කියනවානම් එම කමිටු අවසානයේ තරුණයා කියන පදයට පර්යාය පදයක්‌ ලෙස අසහනය කියවන තරමටම කමිටු ක්‍රියාත්මක වුණා.

එහෙත් මම මේ මාධ්‍ය හමුවේ දී නිල වශයෙන් කියනවා ශ්‍රී ලාංකික තරුණයා අසහනයෙන් පෙළෙන්නක්‌ කියන පිළිගැනීමම අපි ප්‍රතික්‍ෂේප කරනවා කියලා. ඒ වගේම විවිධ ස්‌ථර යටතේ විවිධ ප්‍රතිපත්ති සමාජය තුළ ගොඩනැගෙනවා. ඒ නිසා සියලුම තරුණයන්ට පොදු ප්‍රතිපත්තියක්‌ සැකසීමේ කාර්යභාර්යයක අපි නියෑළී සිටිනවා.

ලෝකයේ විවිධ රටවල් වල තරුණකමේ වයස්‌ සීමාව අර්ථ දක්‌වන විදිහ එකිනෙකට වෙනස්‌. අපේ රටේ තරුණකමේ වයස්‌ සීමාව ලෙස හඳුන්වන්නේ අවුරුදු 15-29 වයස්‌ කාණ්‌ඩයට. අද ජනගහණයෙන් සියයට 26 ක ප්‍රතිශතයකට අපි ළංවෙලා තියෙනවා. එය යම් රටක්‌ කලාතුරකින් ලබන වරප්‍රසාදයක්‌ බවට ලෝක විද්වතුන්ගේ මතයක්‌ තියෙනවා. මෙම වරප්‍රසාදය අප 2007 සිටම භුක්‌ති විඳිනවා. ඒ වගේම තව වසර 10 කින් අපට මේ අවස්‌ථාව නැති වී යන්නට පුළුවන්. මේ තරුණකම අවගමනයට ලක්‌ වෙනවා. ඊට චීනය හොඳම උදාහරණයක්‌. මේ වන විට චීනයේ වැඩි හිටි ජනගහණය වැඩියි. එය රටකට බරක්‌. එවැනි තත්ත්වයක්‌ තුළ මේ අපේ තරුණ පරපුර අපට විශාල වටිනාකමක්‌, අතිවිශිෂ්ඨ වරප්‍රසාදයක්‌. මේ වරප්‍රසාදය අපේ ජාතික, සංස්‌කෘතික, සාමාජික, දේශපාලනික, ආර්ථික ජයග්‍රහණයන් ස`දහා යොදා ගත යුතුයි. ඒ සඳහා මේ තරුණ ප්‍රවාහය මෙහෙයවිය හැකි ලියවිල්ල ජාතික තරුණ ප්‍රතිපත්තියයි.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, ආචාර්ය ජානක ලියනගම, තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා, ශ්‍රි ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ශිහාන් ධම්මික, ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන් රණවීර, ජාතික තරුණ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික නුරානි මුතාලිµa සහ ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ශ්‍රි ලංකා තරුණ පරපුර නියෝජනය කිරීමට වරම් ලැබූ අරුත්‍රා රාජසිංහම් මෙනෙවිය ද සහභාගි වූහ.


ප්‍රභාත් විතාන

No comments:

Post a Comment